ඔලිම්පික් වීරයන්ට ආරක්ෂක උළෙලේ දී තත්ත්වය ආරක්ෂා කර ගන්න බැරිවෙයි
බ්‍රසීලයේ පැවත්වෙන පස්වන ජගත් ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දී වෙඩි තැබීම් ඉසව්ව නියෝජනය කළ ඔලිම්පික් සූරයන් දෙදෙනෙකුට සහ සූරියකට කිසිදු පදක්කමක් නැතිව හිස් අතින් යන්න සිදු විය.ඒ අතරින් රයිෆල් ඉසව්ව නියෝජනය කළ 2008 ඔලිම්ඵික් රන් පදක්කම්ලාභී යුක්රේනයේ ඔලෙක්සැන්ඩර් පෙට්රිව් ට සිය ඉසව්වේ 14 වන ස්ථානය හිමි වීම කැපී පෙණින.
එසේම ප්‍රවීන වෙඩි තැබීමේ සූරියක වන ජර්මනියේ සැන්ඩ්‍රා හොනන් 1996 දී වාර්තාගත දස්කම් පෙන්වමින් ඔලිම්පික් රන් පදක්කම දිනූ ක්රිඩිකාවකි.1992 දී ලෝකඩ පදක්කමත් 1994 සහ 2002 දී ලෝක සූරතාවයත් දිනාගෙන ඇති සැන්ඩ්‍රාට මෙවර මීටර් 25 පිස්තෝල ඉසව්වේ දී පස්වන තැනින් සෑහෙන්නට සිදු විය.
ස්ලොවේනියාව නියෝජනය කරන රාජ්මොන්ඩ් ඩිබොවෙක් තුන් ඉරියව් සිටගෙන වෙඩි තැබීම ඉසව්වේ දී එකළොස් වන තැනට පත් විය.ඔහු 2002 ඔලිම්පික් උළෙලේ දී රන් පදක්ක්මට ද,2008 දී ලෝකඩ පදක්කමට ද හිමිකම් කී ක්‍රීඩකයෙකි.ලොව පුරා වෙඩි තැබීම ඉසව්වවට ඒ ඒ රාජ්‍යයන් ශි ආරක්ෂක අංශයන් හී වර්ධනාත්මක මැදිහත් වීම පැහැදිළි කරන අපූරු සිදු වීමක් හැටියට මෙම පරාජයන් හැදින්විය හැකි අතර ඡායාරූපයේ දැක්වෙන්නේ 2008 ඔලිම්පික් රන් පදක්කම දිනූ අවස්ථාවේ ප්‍රීතියෙන් ඉපිල ගිය ඔලෙක්සැන්ඩර් පෙට්රිව් ගේ ඡායාරූපයකි.